පාස්කු කමිටුවට – ශානිත්

108

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාව අධ්‍යයනය සඳහා පත්කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ද ඇතුළත් කර ඇත.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත මෙම පත් කිරීම පෙරේදා (22දා) සිදුකර තිබේ. ඒ අනුව මෙම කොමිෂන් වාර්තාව අධ්‍යයනය සඳහා පත්කළ කමිටුවේ ප්‍රධානියා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතා සමග ශානි අබේසේකර මහතා ද කටයුතු කරනු ඇත.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයා බව පොලිස් මූලස්ථානය පවසයි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment