පෑලියගොඩ එළවළු, මාළු, කෙසෙල් මිල ගණන්

149

පෑලියගොඩ එළවළු මිල ඉහළටගන්න එන පිරිස අඩුයි

කැරට් රු. 200යි, ලීක්ස් රු. 500යි, බෝංචි
රු. 650යි, වැටකොළු රු. 300යි, කරවිල රු. 600යි


පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ඉතා ඉහළ නැග ඇති බවත්, මේ හේතුවෙන් එළවළු මිලදී ගැනීමට පැමිණෙන ජනතාව ඉතා අඩුවී ඇති බවත් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ පොදු වෙළෙඳ සමිතියේ උප සභාපති එච්. ටී. එන්. සමරතුංග මහතා “දිවයින” ට ඊයේ (07දා) පැවැසීය.

මේ නිසා වෙළෙඳාමෙන් ලැබෙන ආදායම අඩු වී වෙළඳුන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද හෙතෙම කීය.

ඊයේ දිනයේ කැරට් තොග කිලෝවක් රුපියල් 200කටද, ගෝවා කිලෝවක් රුපියල් 100කටද, ලීක්ස් කිලෝවක් රුපියල් 500කටද, බෝංචි කිලෝවක් රුපියල් 650කටද, වැටකොළු කිලෝවක් රුපියල් 300කටද, පතෝල කිලෝවක් රුපියල් 300කටද, කරවිල කිලෝවක් රුපියල් 600කටද, වම්බටු කිලෝවක් රුපියල් 450කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 300කටද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 450කටද, තක්කාලි කිලෝවක් රුපියල් 300කටද, දෙහි කිලෝවක් රුපියල් 1200කටද, වට්ටක්කා කිලෝවක් රුපියල් 100කටද, ඉඟුරු කිලෝවක් රුපියල් 3000කටද, මුරුංගා කිලෝවක් රුපියල් 800 කටද, බීට් කිලෝවක් රුපියල් 380කටද අලෙවි වූ බවද හෙතෙම සඳහන් කළේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මාළු මිල ඉහළට

පෑලියගොඩ එළවළු, මාළු, කෙසෙල් මිල ගණන්

තලපත් රු. 1400යි, කොප්පරා රු. 2200යි,
සාලයා රු. 650යි, ලින්නා රු. 950යි

වර්ෂාවත් සමග මාළු මිල ඉතා ඉහළ නැග ඇතැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා “දිවයින” ට ඊයේ (07දා) පැවැසීය.

ලැබෙන මාළු තොග ප්‍රමාණයද අඩුවී ඇති බවත්, ලබන පොසොන් පොහොයෙන් පසු මාළු මිල අඩුවනු ඇති බවත් හෙතෙම කීය.

ඊයේ දිනයේ තලපත් මාළු තොග කිලෝවක් රුපියල් 1400කටද, කොප්පරා මාළු කිලෝවක් රුපියල් 2200කටද, ඉස්සො කිලෝවක් රුපියල් 1500කටද, සාලයා කිලෝවක් රුපියල් 650කටද, ගල් මාළු කිලෝවක් රුපියල් 1400කටද, බලයා කිලෝවක් රුපියල් 900කටද, දැල්ලෝ කිලෝවක් රුපියල් 1300කටද, ලින්නා කිලෝවක් රුපියල් 950කටද අලෙවි වූ බව ඒ මහතා කියා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කෙසෙල් මිල පහතට

පෑලියගොඩ එළවළු, මාළු, කෙසෙල් මිල ගණන්

කෝලිකුට්ටු රු. 300යි, ඇඹුල් රු. 150යි,
ආනමාළු රු. 170යි, ඇම්බුන් රු. 180යි

කෙසෙල් ඇතුළු පලතුරු තොග ලැබුණ ද ඒවා අලෙවි වීම ඉතා අඩු බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එක්සත් ප්‍රගතිශීලී සංගමයේ සභාපති ප්‍රියන්ත විජේසුන්දර මහතා “දිවයින” ට ඊයේ (07දා) පැවැසීය.

ඒ අනුව කෝලිකුට්ටු තොග කිලෝවක් රුපියල් 300කටද, ඇඹුල් තොග කිලෝවක් රුපියල් 150කටද, ඇම්බුන් කිලෝවක් රුපියල් 180කටද, ආනමාළු කිලෝවක් රුපියල් 170කටද, සීනි කෙසෙල් කිලෝවක් රුපියල් 120කටද, කොමඩු කිලෝවක් රුපියල් 130කටද, කර්තකොලොම්බන් අඹ රුපියල් 250කටද, ඊයේ අලෙවි වූ බවද සභාපතිවරයා කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment