පිටරටවලදී ඇල්ලූ මෙරට පාතාලයන් හා කුඩු ජාවාරමුන් 20ක් අද හෙටම ලංකාවට

10

ඩුබායි, ඉන්දියාව සහ කැනඩාව යන රටවල පොලිසි මගින් අත්අඩංගුවට ගෙන සිටින මෙරට පාතාල කල්ලි නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විසිදෙනකුට වැඩි සංඛ්‍යාවක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ බුද්ධික මනතුංග මහතා පැවසීය.

ලොකු පැටී නමැති පාතාල ප්‍රබලයා මෙරටට රැගෙන ඒමත් සමගම පසුගිය මාස කීපයක කාලසීමාව තුළ විදේශ රටවලදී අත්අඩංගුවට පත්වී මෙරටට රැගෙන ආ 11 වැනි අපරාධකරු මොහු බව ද මනතුංග මහතා පවසයි.

විදේශ රටවල සිට මෙරට අපරාධ මෙහෙයවන පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒමේ විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ආරම්භ කර තිබෙන බව ද ඒ මහතා කියා සිටියි.

මේ වනවිට විදේශගතව සිටින පාතාල නායකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගණන 300 ඉක්මවන බවට තොරතුරු ලැබී තිබේ.

හේමන්ත රන්දුණු, කටුනායක – ටී.කේ.ජී. කපිල


advertistmentadvertistment