කිළිනොච්චියේ හදිසි මෙහෙයුමකින් කඩු කිණිසි ඇතුළු නීති විරෝධී අවි රැසක් අත් අඩංගුවට

306


කිළිනොච්චියේ ධර්මපුරම් ඇතුලූ‍ ප‍්‍රදේශ කීපයක් තුළ යුද හමුදාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ විශේෂ සෝදීසි මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයින් 12දෙනකු හා කඩු කිණිසි නීති විරෝධී ගිනි අවි ඇතුළු ආයුධ නවයක් අත් අඩංගුවට ගෙන ඇත.
කිළිනොච්චියේ ධර්මපුරම් ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී කඩු හා කිණීස් භාවිත කිරීමත් සිද්ධිය පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහර දීම නිසා ඔවුන්ගෙන් හතර දෙනෙකු තුවාල ලැබිමත් නිසා මෙම විශේෂ මෙහෙයුම ඊයේ දියත් කොට තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment