පිටස්තර සුනඛයකු සපා කෑ යාපනයේ සිව් හැවිරිදි දැරිය ජලභීතිකාව වැළඳීමෙන් මරුට

1

එන්නත් ලබා දුන්නත් දරුවා බේරා ගන්න බැරිවෙලා

කිළිනොච්චියේ වයස අවුරුදු හතරක දැරියක් ජලභීතිකා රෝගය වැළඳීම නිසා ඉකුත් 27 දා යාපනය ශික්ෂණ රෝහලේදී මියගොස් තිබේ.

කිළිනොච්චියේ කුමාරසාමිපුරම් ප්‍රදේශයේ පදිංචි එස්. ප්‍රියා නමැති මෙම දැරිය නිවසේ සිටියදී පිටස්තර තැනකින් පැමිණි සුනඛයකු දැරියව සපා කා තිබේ. වහාම ඇයව කිළිනොච්චිය රෝහලට රැගෙන යෑමෙන් පසුව ඇයට ජලභීතිකාව සඳහා එන්නතක් ලබාදී නිවසට එවා ඇතත් යළි ඇය අසනීප වී තිබේ. යළි ඇයව කිළිනොච්චිය රෝහලට රැගෙන ගිය අවස්ථාවේදී ඇයව රෝහලේ නතර කරගෙන ප්‍රතිකාර කරන ලද නමුත් ඇයගේ තත්ත්වය අසාධ්‍ය වූ බැවින් ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත යවා තිබේ.

එහිදී දැරිය ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මරණය සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරියට ජලභීතිකා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment