පිරිමින් දුම්බීම අඩු කරද්දී කතුන් අතර දුම්පානය ඉහළට

71

පෙණහලු පිළිකාත් වැඩිවෙලා විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ

මෙරට කාන්තාවන් අතර දුම්පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පවසයි.

මේ හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකාවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති බවද හෙතෙම සඳහන් කරයි. මීට වසර දහයකට සාපේක්‍ෂව බැලීමේදී මේ වනවිට පිරිමින් දුම් පානය කිරීමේ අඩු තත්ත්වයක් සමීක්ෂණ මගින් පෙන්නුම් කර ඇතැයි පවසන විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා දුම්පානය හේතුවෙන් කාන්තාවන් පෙණහලු පිළිකා පළමු වැනි සහ පස්වැනි තත්ත්වයට පත් වෙමින් ඇති බව හෙළිවී ඇතැයි ද කියා සිටී.

පෙණහලු පිළිකා මෙරට සුලබ තත්ත්වයක් වුවත්, එය වළක්වා ගැනීමට නොහැකිව ඇත්තේ ඒ පිළිබඳව දැනුම සහ උනන්දුව නොමැති වීම නිසා බවද හෙතෙම පෙන්වා දෙයි. යම් පුද්ගලයතු දුම් පානය නතර කළද ඉදිරි වසර 10-15 ඇතුළත ඔහු පෙණහලු පිළිකාවලට ගොදුරුවීමේ හැකියාව පවතින බව කියා සිටි විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා මොනයම් හෝ ද්‍රව්‍යයක් දුමක් ලෙස ආඝ්‍රාණය කරන්නේ නම් එය පෙණහලු පිළිකාවන්ට අත වැනීමක් විය හැකි බැවින් ඉන් තරුණ පරපුර මුදා ගැනීමට දැනුවත් කිරීම් සිදු කළ යුතුව ඇතැයි ද ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර


advertistmentadvertistment