පළාත් පාලන මැතිවරණයේදී ‘සප්‍රයිස්‘ එකක් රටටම ලබා දෙන බව හතළිස් තුන් වැනි සේනාංකය නායක පාඨලී චම්පික රණවක මහතා සිය පක්ෂ ක්‍රියාකාරීන්ට පවසා ඇත.
හතළිස් තුන් වැනි සේනාංකයේ සාමාජිකයන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමන ආකාරයට දැයි යන්න පිළිබඳව එම සේනාංක මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකදී රණවක මහතා මෙම අදහස් දක්වා තිබේ.
43 සේනාංකයේ අපේක්ෂකයන් රටට ඉදිරිපත් කරන්නේ ‘සප්‍රයිස්’ එකක් රටටම ලැබෙන ආකාරයෙන් යැයි හෙතෙම එහිදී පවසා ඇත.
මේ අතර ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කිරීම කෙරෙහි හා පුළුල් සන්ධානයක් ගොඩනැගීම කෙරෙහි ද 43 සේනාංකයේ අවධානය යොමු වී තිබේ.
අනුරාධ හිරිපිටියගේ