පුනර්ජනනීය බලශක්තියෙන් රට දිනවමු

95

ස්වාභාවික ක්‍රියාවලියක් තුළ නැවත නැවත ජනනය කළ හැකි බලශක්ති සම්ප්‍රදාය පුනර්ජනනීය බල ශක්තියයි.

ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටි රටකි. එනිසා අපේ රටේ ජල, සුළං, සූර්ය ආදී පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් බහුලය. අපට තෙල් නිධි නැත. ඛනිජ සම්පත් නැත. එනිසා බලශක්තිය අර්බුදයෙන් ජයගැනීමට නම් අපට ඇති වාසිදායකම මාර්ගය පුනර්ජනනීය විදුලි උත්පාදනයයි. අවුරුද්දේ සැලකිය යුතු කාලයක් (ඇතැම් ප්‍රදේශවලට අවුරුද්දෙන් වැඩි කාලයක්) හිරු එළිය වැටෙන නිසා සූර්ය බලශක්තිය අපට ඉතා වැදගත්ය.

නාසා ආයතන වාර්තා අනුව වැඩිම සූර්ය කිරණ වැටෙන රටක් ලෙස ශ්‍රී ලංකා නාමය සඳහන්ව ඇත. එහි නිසි ප්‍රයෝජනය ගැනීමට ආණ්ඩුව සැරසෙන්නේ වසර 2030 වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට හැත්තෑවක් විදුලිය ජනනය කිරීමේ ඉලක්කය දියත් කරමිනි.

පුනර්ජනනීය බලශක්තියෙන් රට දිනවමු

වර්තමානයේ අප මුහුණපාමින් සිටින අර්බුද අතරේ වඩා දැනෙන අර්බුදයක් වන බලශක්ති අර්බුදයට සැබෑ විසඳුමක් නොමිලේ ලැබෙන හිරු කිරණින් ලද හැකිය. ඒ සූර්ය බල ශක්තියෙන් විදුලිය නිපදවීමෙනි.

ලොව ඉපැරැණි ග්‍රන්ථයක් ලෙසින් සැලකෙන ශීවා ලිකිත හෙවත් සූර්ය ලිත සඳහන් වනුයේ හිරුගේ ශක්තිය කොටස් 32කට බෙදිය හැකි බවය.

රශ්මි වරණ, අශ්ව වර්ණ, අරුණු වර්ණ, රථ වර්ණ, මණ්ඩලය වර්ණ හා සුර්ය වර්ණ ලෙසින් “සූර්ය ශතකය” (බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමි විසින් සංශෝධිත) නමැති පොතේ සංස්කෘත ශ්ලෝක අනුව හිරු කොටස් හයකට බෙදා ඇත. ඉදින් මේ හිරු බලයෙන් උපරිමයෙන් වැඩගත යුතු කාලය එළැඹ ඇත.

අප මේ වනවිට පැරිස් ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ 2015 වසරේ දෙසැම්බර් 12දාය. ලොව ප්‍රධාන රාජයයන් 178ක් රටවල් අත්සන් කර ඇති මෙම ගිවිසුමට අප අත්සන් තැබීම පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සම්බන්ධයෙන් අප ගත් ඉදිරිගාමි පියවරකි. මේ මගින් ගෝලීය පරිසර උෂ්ණත්වය අඩු කිරීමටත්, පරිසරයට හානිකර ඩීසල් බලාගාර ඉදිකිරීම අත්හැර දැමීමත් බලාපොරොත්තු වේ.

ස්වාභාවික ක්‍රියාවලියක් තුළ නැවත නැවත ජනනය කළ හැකි බලශක්ති සම්ප්‍රදාය පුනර්ජනනීය බල ශක්තියයි. ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටි රටකි. එනිසා අපේ රටේ ජල, සුළං, සූර්ය ආදී පුනර්ජනනීය ශක්ති ප්‍රභවයන් බහුලය. අපට තෙල් නිධි නැත. ඛනිජ සම්පත් නැත. එනිසා බලශක්තිය අර්බුදයෙන් ජයගැනීමට නම් අපට ඇති වාසිදායකම මාර්ගය පුනර්ජනනීය විදුලි උත්පාදනයයි. අවුරුද්දේ සැලකිය යුතු කාලයක් (ඇතැම් ප්‍රදේශවලට අවුරුද්දෙන් වැඩි කාලයක්) හිරු එළිය වැටෙන නිසා සූර්ය බලශක්තිය අපට ඉතා වැදගත්ය.

පොසිල ඉන්ධන භාවිතය වැඩිවත්ම ඊට ඇති ඉල්ලු‍ම වැඩිවී එහි මිල වැඩිවේ. ඊට හේතුව පොසිල ඉන්ධන ඉතා සීමිත වීමයි. එමෙන්ම ඒවා මේ වනවිට ක්ෂය වෙමින් පවතී. එහෙත් සූර්ය බලශක්තිය එසේ නොවේ. එය ඉන්ධනයක් නොව තාක්ෂණයකි. සූර්ය බලශක්තියෙන් නිපදවන විදුලිය භාවිතය වැඩිවන විට එම තාක්ෂණයේ මිල තවත් අඩුවේ. එනිසා අප වහ වහා අපේ අවධානය යොමු කළ යුත්තේ සූර්ය බලශක්තිය කෙරෙහිය.

ලොව භාවිතා වන කිසිදු බලශක්ති උත්පාදන තාක්ෂණයක් 100%ක් පරිසර හිතකාමී නොවේ. ඉන් යම් කාබන් විමෝචනයක් සිදුවේ. එහෙත් අනෙකුත් ප්‍රභවයන් මෙන් නොව සූර්ය පැනල භාවිතයෙන් සිදුකරන විදුලි උත්පාදනයේදී පරිසරයට මුදාහැරෙන කාබන් ප්‍රතිශතය ඉතා පහළ අගයක පවතින බව පර්යේෂණ මගින් තහවුරු වී ඇත. එනිසා මෙම ප්‍රභවය පරිසර හිතකාමීය. තිරතර බලශක්තියක් උදෙසා මෙන්ම බලශක්තියේ සුරක්ෂිතතාව වෙනුවෙන් විශේෂ තැනක් සූර්ය බලශක්තිය කෙරෙහි යොමුවිය යුත්තේ එනිසාය. එය ආර්ථිකමය වශයෙන්ද වාසිදායකය.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් නිතර පවසන දෙයක් වේ. එය නම් අඩු මිලකට විදුලි ඒකකයක් පාරිභෝගිකයන් හට ලබාදීමට විදුලි ඒකකයක් නිපදවීමට වැයවන පිරිවැය අවම විය යුතු බවයි. ඉදින් සූර්ය බලශක්තිය භාවිතයෙන් විදුලි ඒකකයක් නිපදවීමට වැයවන්නේ අවම පිරිවැයකි. එසේ බලන කල විදුලි බිලට සහනයක් ලබාදීම වෙනුවෙන් ද මෙය වැදගත්ය.

කිනම් තත්ත්වයක් යටතේ වුවද අප මුහුණ දෙන බලශක්ති අර්බුදයෙක් ගොඩ ඒමට නම් අරපිරිමැස්මෙන් යුතුව බලශක්තිය භාවිතය ගැන අවධානය යොමුවීම වැදගත්ය.

එහිදී විදුලි පාරිභෝගිකයාට ද පැවරෙන්නේ සුවිශේෂී වගකීමකි. කිනම් ප්‍රභවයකින් හෝ තම නිවසට ලබාගන්නා විදුලිබලය උපරිම කාර්යක්ෂමතාවකින් යුක්ත භාවිත කිරීමට විදුලි පාරිභෝගිකයා නිරන්තරයෙන් වගබලාගත යුතුය.

අප වැසි කාලයේ වැස්සෙන් ප්‍රයෝජන ගන්නා සේ පායනා කාලයේදී හිරු එළියෙන් වැඩ ගැනීමට දක්ෂ විය යුතුය. අපට හිරු එළියෙන් ලද හැකි උපරිම දායාදය නම් සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනයයි.

අප මේ පසුකරමින් සිටිනුයේ ලෝකයම බලශක්ති අර්බුදයට විසඳුම් සොයන මොහොතකි. එහිදී විශේෂයෙන් අවධානය යොමුව ඇත්තේ පුනර්ජනනී බලශක්තිය කෙරෙහිය. ඉනුත් සූර්ය බල ශක්තිය සම්බන්ධවය. ලෝකයේ දියුණු රාජ්‍යයන් සූර්ය බලශක්තිය දිරිගැන්වීම වෙනුවෙන් විවිධ සහන, වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත්තේය. ලොව අන් රාජ්‍යයන් හා සැසඳීමේදී අපට සූර්ය බලශක්තියෙන් ඉතා පහසුවෙන් විදුලිය උත්පාදනය කරගත හැකිය.

රාජිත දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment