ඉන්දියාවේ ජල ගැටලුවට ඊශ්‍රායල් තාක්ෂණය

201


ඉන්දියාවේ පවතින ජල ගැටලුව විසඳීමට අවශ්‍ය නවෝත්පාදන තාක්ෂණය ඊශ්‍රායලයේ සහායෙන් ලබා ගැනීමට අදාල අවබෝධතා ගිවිසුමකට අත්සන් කර ඇත.ඊට අදාල ගිවිසුමට ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති නාඕර් ගිලොන් සහ හුන්චි වෙන්චර් සහ ද සර්කල් හි නිර්මාතෘ කරන්පාල් සිං යන මහත්වරු අත්සන් තැබූහ.මෙය ඉන්දියානු- ඊශ්‍රායල් ද්විපාර්ශ්වික සබඳතාවල තීරණාත්මක සන්ධිස්ථානයක් සනිටුහන් කරන බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම ව්‍යාපෘතියට ඊශ්‍රායලයේ සහ ඉන්දියාවේ ප්‍රවීණයන් ඇතුළත් වෙති. ජාතීන් දෙකෙන්ම නවෝත්පාදනයේ බලය උපයෝගී කර ගනිමින් පවතින ජල අභියෝගවලට විසඳුම් ලබා දෙනු ඇතැයි ද සඳහන් කරයි.ජල කළමනාකරණයේ ගෝලීය ශූරයෙකු ලෙස හැඳින්වෙන ඊශ්‍රායලයේ විශේෂ දැනුම උපයෝගී කර ගනිමින් ඉන්දියාවේ පවතින ජල ගැටලුව විසඳුම් සෙවීම මෙහි අරමුණය.
මීට පෙර 2023 මැයි මාසයේදී ඉන්දියානු තාක්ෂණ ආයතනය මදුරාසිය ඉන්දියා ඊශ්‍රායල් ජල තාක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා ඊශ්‍රායලය සමඟ හවුල්කාරිත්වයකට එළඹුණි.

advertistmentadvertistment
advertistmentadvertistment