පෙම්වතාගේ දුරකථන පණිවුඩයෙන් අපරාධයක පැටිකිරිය එළියට

105

පෙම්වතෙකු විසින් ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිල්ලකට අනුව දැනට වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක්, ඇයට වයස අවුරුදු 8 දී තම සහෝදරයා සහ වෙනත් පුද්ගලයකු විසින් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හෙළි කළ කරුණු මත විමර්ශනයක් ආරම්භ කර පෙරේදා (30දා) පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් අනුරාධපුර කොට්ඨාසයේ පොලිසියකින් වාර්තාවේ.

මෙම දැරියගේ මව විදේශ ගතව සිටින අතර මිත්තණිය භාරයේ සිටින අතර වාරයේදී මවගේ අවසර ඇතිව කුරුණෑගල ප්‍රදේශයේ පෙම්වතෙකු සමග වෙසක් නැරඹීම සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් ඇති බව පොලිසිය කියයි. වෙසක් නරඹා පෙම්වතාගේ නිවසට පැමිණි පසු එම පෙම්වතා විසින් තම පෙම්වතියගේ සමග කතා කරමින් සිටියදී, යම් අවස්ථාවකදී ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී තමා වයස අවුරුදු 8දී, සොහොයුරා විසින් දූෂණයට ලක් කළ බව පෙම්වතාට පවසා තිබේ. පසුව එම පෙම්වතා විසින් මේ සම්බන්ධයෙන් දුරකථනයෙන්, ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලබාදුන් දුරකථන පණිවිඩයකට අනුව ගොකරැල්ල පොලිසිය මගින් දැරිය කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාසයේ අදාළ පොලිසිය දැනුවත් කර තිබේ. පසුව කරන ලද විමර්ශනවලට අනුව ප්‍රදේශයේ පදිංචි තවත් සැකකරුවකු පෙරේදා (30දා) මෙම බාල වයස්කාර දැරිය ස්ත්‍රී දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සහෝදරයා විසින් එම දැරිය දූෂණයට ලක් කිරීමට අදාළව අධිකරණයේ නඩුවක් මේ වන විට විභාග වෙමින් පවතින බවත්, පෙරේදා (30දා) අත්අඩංගුවට ගැනුණු සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මිහින්තලේ – රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment