වල්ඌරු මස් කිලෝ 50ක් උසාවි යද්දී 5ක් වෙලා

72

එස්. අයිට එරෙහිව උසාවියට චෝදනා පත්‍රයක්

අකුරැස්ස පොලිසිය මගින් මීට කලකට පෙර අත්අඩංගුවට ගනු ලැබූ වල්ඌරු මස් කිලෝ පනහක පමණ ප්‍රමාණයකින් කිලෝ පහක් පමණක් අධිකරණයට ඉදිරිපත් කළ බව කියන උප පොලිස් පරීක්‍ෂකවරයෙකුට එරෙහිව අධිකරණයට චෝදනා පත්‍රයක් ගොනු කළ බව අකුරැස්ස පොලිසිය කියයි.

මෙම උප පොලිස් පරීක්‍ෂකවරයා එවකට අකුරැස්ස පොලිසියේ සේවය කර ඇති අතර දැනට ඔහු තිහගොඩ පොලිසියේ සේවය කරයි.

මෙම උප පොලිස් පරීක්‍ෂකවරයාට එරෙහිව ලැබුණු පෙත්සමක් අනුව ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment