සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඉල්ලයි
මෙම වෙසක් සතියේ සෙනඟ අතර ගැවසීමේදී මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛi අසේල ගුණවර්ධන මහතා ‘දිවයින’ට ඊයේ (01 දා) පැවසීය.
යළිත් කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම නිසා ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින ඒ මහතා, මුව ආවරණ පැළඳීම අනිවාර්ය නීතියක් නොව ඉල්ලීමක් බව ද කියා සිටී.
කෙසේ වෙතත් සෑමදෙනකුම සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරිම ඉතා වැදගත් බව ද හෙතෙම පැවසීය.
මේ අතර කොවිඩ් නව ආසාදිතයන් 7 දෙනකු පෙරේදා (30 දා) දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හයලක්‍ෂ හැත්තෑ දෙදහස් එකසිය හැත්තෑ එක් දෙනකු (672,171) දක්වා ඉහළ නැඟ තිබේ.
මේ අතර කොවිඩ් මරණ 2 ක් අංගොඩ අයි.ඩී.එච්. රෝහලෙන් වාර්තා වූ බව කොළොන්නාව හදිසි මරණ පරීක්‍ෂක කාංචනා විජේනායක මහත්මිය ‘දිවයින’ට පැවසුවාය.
අවුරුදු 56 ක් වයසැති යටියන්තොට පදිංචිව සිටි කාන්තාවක හා අවුරුදු 73 ක් වන මාතර පදිංචිව සිටි පුද්ගලයකු මෙලෙස කොවිඩ් වැළඳීමෙන් මියගොස් ඇතැයි ද ඇය කීවාය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒමන්ති මාරඹේ