පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ බස් සේවයක්

122

පොසොන් පොහොය නිමිත්තෙන් මෙම මස 20 වැනිදා සිට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස් සේවයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරයි.මෙම බස් සේවාව අනුරාධපුරය,තන්තිරිමලේ,මිහින්තලේ,යන පූජා නගර කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද පවසයි.කොළඹ මධ්‍යම බස් රථ කාර්යාලය,මහනුවර ප්‍රධාන බස් නැවතුම්පල,කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පල සිට ක්‍රියාත්මකවේ.මීට අමතරව සිතුල්පව්ව සහ කතරගම ඇතුළු අනෙකුත් පූජා නගර වෙත යන බැතිමතුන්ගේ පහසුව සඳහා අවශ්‍ය බස් රථ යෙදවීමට ද සැලසුම්කර ඇතැයි ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කරයි.
මෙලෙස යොදවන බස් රථ ප්‍රමාණය සාමාන්‍ය කාලසටහනට අනුව ධාවනය වන බස් රථ ප්‍රමාණයට අමතරව යොදවන බවත් එසේ යොදවන බස් රථ ප්‍රමාණය 400ක් පමණ බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment