පොසොන් සමරා බෞද්ධයන් ලබාදුන් පණිවුඩය

1122

බෞද්ධාගම වැළඳ ගැනීමෙන් පසු හෙතෙම අමුතු ම පුද්ගලයෙක් විය. දස රජ දහමින් යුතුව රාජ්‍ය කළ එතුමා සැබෑ බෞද්ධයෙකු සේ උසස් ආගමික ජීවිතයක් ගත කළේය. දිග් විජයෙන් නැඟුණු ජය කෙහෙළි ධර්මවිජයෝ ජය සංඛනාදය බවට පෙරළා ගත්තේ ය. හිංසාව අහිංසාව බවට පත් විය. යුද බෙරය වෙනුවට දහම් බෙරය ලොව පුරා පතුරුවන්නට හැකි විය. ආත්මාර්ථය පරාර්ථය පිණිස යොදවන්නට හැකි විය. මෘගයාත්‍රා – ධර්මයාත්‍රා හා විහාර යාත්‍රා බවට පත් විය.

ඉන්දියාවේ බලවත් දුම්රිය අනතුරක් සිදුව ඇත. එය වාර්තාවන්නේ ඔඩිෂා ප්‍රාන්තයෙනි. ඔඩිෂා යනු අතීත කාලිංග දේශයයි. කාලිංගය හා සිංහලයන් අතර අතීතයේ සිට සබඳතා පැවතිනි. විජය රජු මෙරටට පැමිණියේද වත්මන් බෙංගාලය හා ඔඩිෂා ප්‍රාන්තවලට අයත් ප්‍රදේශයකින්ය. The Ocean of churn, how the Indian Ocean Shaped Human History මැයෙන් සන්ජීව් සාර්ගාල් ලියූ ග්‍රන්ථයේ සඳහන් වන්නේ සිංහලයන් විසින් තම ජාතියේ ලාංඡනය ලෙස සිංහයා භාවිතා කරන අතරම බෙංගාල හා කාලිංගයේ ජනයා අතර ද සිංහ ලාංඡනයට සුවිශේෂ පිළිගැනීමක් හා ගෞරවයක් ඇති බවය.

ඔරිස්සා වැසියන් වන්දනාමාන කරන නරසිම්හ දෙවියා අර්ධ සිංහ හා අර්ධ මනුෂ්‍යයකු වේ. කාලිංග යුද්ධයේදී සිදු වූ දරුණු මනුෂ්‍ය ඝාතනයෙන් බලවත් කම්පනයට පත් අශෝක රජ අතිශය චිත්ත සන්තාපයකට ගොදුරු වූයෙන් එතෙක් පැවැති චණ්ඩ ගති පැවැතුම් අතහැර දමා ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට උත්සාහ දැරී ය. මුල දී හින්දු ධර්මය ඇදහූ බලවත් හින්දු භක්තිකයකු වූ අශෝක රජතුමා තමාගේ වැඩි මහලු සොහොයුරු සුමන කුමාරයාගේ පුත් වූ සත් හැවිරිදි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ ආකල්පසම්පත්තිය දැක, පැහැදී මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේගේ සාහ්‍යයෙන් බුදු දහම වැළඳ ගත්තේය. ඉන් පසු චණ්ඩාශෝකයන් ධර්මාශෝක විය. බෞද්ධාගම වැළඳ ගැනීමෙන් පසු හෙතෙම අමුතු ම පුද්ගලයෙක් විය. දස රජ දහමින් යුතුව රාජ්‍ය කළ එතුමා සැබෑ බෞද්ධයෙකු සේ උසස් ආගමික ජීවිතයක් ගත කළේය. දිග් විජයෙන් නැඟුණු ජය කෙහෙළි ධර්මවිජයෝ ජය සංඛනාදය බවට පෙරළා ගත්තේ ය. හිංසාව අහිංසාව බවට පත් විය. යුද බෙරය වෙනුවට දහම් බෙරය ලොව පුරා පතුරුවන්නට හැකි විය. ආත්මාර්ථය පරාර්ථය පිණිස යොදවන්නට හැකි විය. මෘගයාත්‍රා – ධර්මයාත්‍රා හා විහාර යාත්‍රා බවට පත් විය. ඇත්තෙන්ම අශෝකට තම මෞලි මංගල්‍යය පැවැත්වීමට තවත් වසර 4ක් බලා සිටින්නට සිදු විය. ඔහුගේ මෞලි මංගල්‍යය පැවැත්වුණේ ක්‍රි. පූ. 269දීය. බෞද්ධ පොතපතේ සඳහන් වන ආකාරයට අශෝක සැහැසි, අනුකම්පා විරහිත, තදින් කිපෙනසුලු රජෙකි. එහෙයින් ඔහු හැඳින්වූයේ චණ්ඩාශෝක රජු ලෙසිනි. ඔහු මිනිසුන් වධ බන්ධනවලට ලක්කිරීම සඳහා වධකාගාර ඇති කළේය. ඔවුන් ඝාතනය කිරීමට ගිරිකා නමැති වධකයකුගේ ප්‍රධානත්වයෙන් වධකයන් පිරිසක් පත් කළේය. චීන භික්ෂුවක වන හියුං සාංගේ දේශාටන සටහන්වලට අනුව ආරම්භයේදී වරදකරුවන්ට පමණක් එම වධකාගාරයන්හි දඬුවම් පැමිණ වුවද පසු කාලයේ ඒ අසලින් යන එන පුද්ගලයන් පවා අල්ලා දඬුවම් පැමිණවීමට ඔහු සැහැසි විය. නමුත් පසුව සියල්ල වෙනස් විය.

හියුං සාංගේ සටහන්වලට අනුව අශෝකගේ ජිවිතය වෙනස් මඟකට යොමු කිරීමට එක්තරා සිදුවීමක් බල පෑ බැව් සඳහන්ය. දිනක් පිඬුසිඟා වැඩි බෞද්ධ භික්ෂුවක් ඔහු විසින් පිහිටුවා තිබූ වධකාගාරයක් අසලින් ගමන් කළේය. ඒ අසලින් ගමන් ගන්නවුන් පවා අල්ලා වධ බන්ධනවලට ලක් කළ හෙයින් වධකයා භික්ෂුව අල්ලා වධබන්ධනයට ලක්කිරීමට පියවර ගත්තේය. එහිදී භික්ෂුවි“වධබන්ධනයට ලක් කිරීමට පෙර මට ආහාර වේලක් වළඳන්නට අවසර දෙන්නැයි” වධකයාගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී වධකයන් විසින් අල්ලා ගන්නා ලද තවත් මිනිසකු එහි ගෙන එන ලදි. ඔහුගේ අත් පා කපා දමා වධබන්ධනයට ලක් කරනු දුටු භික්ෂුව සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව සලකා භාවනා කොට රහත් ඵලයට පත් විය. වධකයෝ භික්ෂුව අල්ලා උතුරන තෙල් කටාරමක දැමූහ. භික්ෂුව තෙල් කටාරමේ හිඳගෙන සිටියේ සිහිලැති විලක සිටින අයුරිනි. ඔහුට කිසිදු අනතුරක් සිදු නොවීය. වධකයෝ මේ පුවත රජුට දැන්වූහ. රජු එහි පැමිණ එම ආශ්චර්ය දැක විස්මයට පත් විය. මෙහිදී භික්ෂුව රජුට කිසිවක් මතක් කර දුන්නේය. රජුනි මෙහි පැමිණෙන කවරකු හෝ අල්ලා ඝාතනය කිරීමට ඔබතුමා අණ පනවා තිබේ. එහෙයින් මෙහි පැමිණි ඔබටද එය සිදු කළ යුතු නොවේදැයි විමසා සිටියේය.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවීම එවකට භාරතයේ වැඩ සිටි ශාසන භාරධාරී යතිවරයාණන් වහන්සේලා සහ ධර්මාශෝක මහා නිරිදු විසින් ගන්නා ලද ඓතිහාසික තීන්දුවක ප්‍රතිඵලයකි. එසේම ශ්‍රී ලාංකිකයන් විසින් රාජ්‍ය ගෞරව සහිතව උන්වහන්සේ ඉමහත් භක්තියෙන් පිළිගැනීම ද ඓතිහාසික හා දූරදර්ශී තීරණයකි. මිහිඳු මාහිමියන් මෙරටට පැමිණි විගස දේවානම්පියතිස්ස රජතුමා සමඟ දාර්ශනික සංවාදයක යෙදුණු බව අපි දනිමු. රජතුමාගේ බුද්ධි මහිමය තේරුම් ගත් පසු උන්වහන්සේ විසින් රජුට දෙසිය යුතු පළමු දේශනය සඳහා තථාගත දේශනා අතර මජ්ඣිම නිකායට අයත් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය තෝරා ගත්හ. මිහිඳු මාහිමියන්ගේ අභිප්‍රාය වූයේ කිසියම් ජන කොටසක් ආගමට හරවා ගැනීම නොව තථාගත ධර්මයේ ආස්වාදය පතුරුවා හැරීමයි. ඒ සඳහා රජතුමාට මෙන්ම රජ පෙළපත හා බැඳුණු සෙසු ජනයාට බුද්ධ දේශනාව සම්බන්ධයෙන් බුද්ධිමය අවදියක් තිබිය යුතු බව උන්වහන්සේ මැනවින් දැන සිටියහ. ඓතිහාසික වාර්තා අනුව චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව ඇසීමෙන් පසු දේවානම්පියතිස්ස රජ ඇතුළු රජ පවුලේ සියලු දෙනා තෙරුවන් සරණ ගිය බවත්, ඇතැම් අය සෝවාන් ඵලයට පවා පත් වූ බවත් සඳහන් වේ. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ පළමු දිනයෙහි ම කළ මෙම දේශනාව අසා හතළිස් දහසක් දෙනා සෝවාන් ඵලයට පැමිණි බව සඳහන් වේ. අනුබුදු මිහිඳු හිමියන්ගේ ප්‍රථම ලාංකික ධර්ම දේශනය වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රයෙහි අන්තර්ගතය වර්තමාන ලංකාවට බෙහෙවින් වැදගත් වන්නේ උන්වහන්සේ මෙහි පිහිටුවන ලද ථේරවාද සම්බුද්ධ ශාසනය සියවස් ගණනක් තිස්සේ පරිවර්තනය වෙමින් වර්තමාන ස්වරූපය දක්වා විකාශනය වී ඇති හෙයිනි. ආදිම බුද්ධ දේශනා ඇතුළත් මජ්ඣිම නිකායට අයත් සූත්‍ර දේශනාවක් වන චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත ය. පළමු කොටස පිලෝතික පරිබ්‍රාජකයා හා ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයකි. අනතුරුව බුදුරජාණන් වහන්සේ සහ ජාණුස්සෝණි බ්‍රාහ්මණයා අතර ඇතිවන සංවාදයකින් දෙවන කොටස සමන්විත වන අතර එයින් බුදුරදුන්ගේ අනන්‍යතාව හා බෞද්ධ විමුක්ති මාර්ගය සැකෙවින් විස්තර වේ. නුවණැති පුද්ගලයකු තෙරුවන් හඳුනාගත යුත්තේ බාහිර හෝ මතුපිටින් යමක් දැකීමෙන් නොව ධර්මය අත්දැකීමක් බවට පත්කර ගැනීමෙන් ය. මතුපිට කරුණු පමණක් සලකා බලා නිගමනයකට එළඹී පිලෝතිකගේ දැක්ම අසම්පූර්ණ යැයි බුදුරදුන් වදාළේ ඒ හෙයිනි. වර්තමානයේ වුවද බොහෝ දෙනකු තෙරුවන් ගැන ප්‍රසාදයක් ඇති කර ගන්නේ මතු පිටින් යමක් දැකීමෙනි. මෙය සැබෑ ප්‍රඥාවන්තයකුගේ ස්වභාවය නොවේ. වංශකථාව අනුව මිහිඳු හිමියන්ගේ බුද්ධි පරීක්ෂණයට භාජනය වූ දේවානම්පියතිස්ස රජුට මෙම සූත්‍ර දේශනාවෙන් අවධාරණය කළේ රජතුමා වැනි බුද්ධිමත් පුද්ගලයකු මතුපිටින් පමණක් කරුණු සලකා බලා නිගමනවලට එළඹීමේ නොවැදගත්කමයි.

මෙවර පොසොන් පොහොය මහත් බැතියෙන් සැමරීමට සිංහල බෞද්ධයෝ කටයුතු කළ බව පැහැදිලිය. වෙසඟටත් වඩා ඉහළින් මෙවර පොසොන් සැමරිණි. එය අගය කළ යුත්තකි. බෞද්ධ සමාජය කිසිවිටෙක බොදු මඟට පිටුපාන්නේ නැත. බෞද්ධ සමාජයට එරෙහි පරගලකරුවන් විසින් නොයෙක් ද්වේශ සහගත ප්‍රකාශ සිදු කරමින් මහා සම්ප්‍රදායට නිග්‍රහ කරන්නට සැරසුනද ඒ කිසිවකින් දහම යටපත් කරන්නට නොහැකිය. නූතන චිංචාවන් මෙන්ම ඒ ප්‍රකාශ වලට ආධාර අනුබල දුන් පුද්ගලයන්ට පවා දැන් මහ උළුගෙදර ලගින්නට සිදුව ඇත. කවර උපක්‍රම යෙදුවද මෙරට බෞද්ධ සම්ප්‍රදාය හෝ සංස්කෘතිය අහෝසි කළ හැකි වන්නේ නැත. චිංචාවන් සිරගත කරන විට බෝරන් එගෙන් නිකායේ මන්ත්‍රීවරු කලබල වී ඇති බව නම් පෙනේ. ලෙඩුන් සුව කරනවා යැයි කියන ජෙරම් පවා ලංකාවට තවම පැමිණ නැත්තේ දෙවියන්ගේ අණට නොව පොලිසියට බියෙනි. මේ තක්කඩි පාස්ටර්ගේ නිරුවත දැන් හෙළිව ඇත. කවරක් නමුත් සෙනසුරාදා පොහෝ දිනයේ මහා ඉහළින් පොසොන් සමරා බෞද්ධයෝ වැදගත් දැහැමි පණිවිඩයක් රටටත් ලෝකයටත් ලබා දුන්හ.

එදා මිහිඳු මහරහතන් වහන්සේගේ නියමය පරිදි සුමන සාමණේරයන් වහන්සේ “ධම්මස්සවණ කාලො අයං භදන්තා” යනාදී ගාථාවෙන් මුළු ලක්දිවට ම ඇසෙන සේ ධර්ම ශ්‍රවණයට කාල ඝෝෂා කළහ. සාමණේරයන් වහන්සේගේ හඬ අසා භූමා ටු දෙවියෝ ඝෝෂා කළහ. අනුක්‍රමයෙන් ඒ හඬ බ්‍රහ්මලෝකය දක්වා නැග්ගේ ය. එයින් අසංඛ්‍ය සංඛ්‍යාත දෙවියෝ එහි රැස් වූහ. මිහිඳු මාහිමියෝ ඔවුනට සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්ම දේශනා කළ සේක.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment