පොහොට්ටුව ජනපතිට දුන් අලුත්ම පොරොන්දුව

592


ජනාධිපතිවරයා රට සංවර්ධනය කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අඛණ්ඩව සහාය ලබාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟතාව පළකර ඇත.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම එකගතාවය පළ කර තිබේ.

එම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, මහලේකම් සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොන්ඩමන් ,එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම් අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගී වී වූහ.


advertistmentadvertistment