‘පොහොට්ටුව’ සහ ‘අත ‘වෙතින් ‘දුරකථනය’ට ගිය අලුත්ම අය

5048

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනෙක් සමගි ජන බලවේගය හා එක්වූහ.ඒ අතර වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සිටින අතර ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලදී. එසේම බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයේ ද ඒ මහතා කටයුතු කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්විය.ඒ මහතා සමගි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් මහතා ද සමගි ජන බලවේගය හා එක්විය.ඒ මහතා සමගි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව පොතුවිල් ආසනයේ සම සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායකවරයා කටයුතු කරන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment