පොහොට්ටු 50ක් ශ්‍රීලනිපයට!

9292

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස්දෙනකුට අධික පිරිසක් යළි සම්බන්ධ කර ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

ඉදිරියේ පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ද සිය පක්‍ෂයට නැවත සම්බන්ධ කර ගැනීම සඳහා ආණ්ඩුවට සහාය ලබාදෙන නිදහස් පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකුගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා ආරම්භ කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

පක්‍ෂයට සම්බන්ධවන පොහොට්ටු මන්ත්‍රීවරුන්ට සංවිධායක ධුරයන් සහ තනතුරු ලබාදීම පිළිබඳව ඔවුන්ට දැනුම් දී ඇති බවත් දැනටමත් ඒ සඳහා බොහෝ පිරිසක් කැමැත්ත පළකර ඇති බවත් එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මීට අමතරව පොහොට්ටුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් වශයෙන් සිටින මන්ත්‍රීවරුන් පිරිසක් ද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග නැවත එක්වීමට කැමැත්ත පළකර තිබෙන බව ද එම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කරන ලද දයාසිරි ජයසේකර මහතාව ද පක්‍ෂය සමග සම්බන්ධ කර ගනිමින් උප සභාපති ධුරයක් ලබාදීමට පසුගියදා පැවති මධ්‍යම කාරක සභාවේදී එකඟතාවට පැමිණ ඇති බවද, එහෙත් දයාසිරි මන්ත්‍රීවරයා ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බව ද ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment