පෞද්ගලික බස් 14000ක් වැඩ

31

දුම්රිය වර්ජනය පැවැතියත් මගී ජනතාව වෙනුවෙන් ඊයේ (11 වැනිදා) දිනයේ දිවයින පුරා පෞද්ගලික බස්රථ 14,000 කට අධික සංඛ්‍යාවක් ධාවනයට එක් කිරීමට පියවර ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවැසීය.

කොළඹ, පිට පළාත්වල මෙන්ම දුර ගමන් සේවාවලට ද ගතවූ දින දෙකේ දී ඉතා හොඳ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.

දිවයිනේ මගී ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස්රථ විසිදහසක් ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා


advertistmentadvertistment