බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

101

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරගාවලි සංචාරයක් සඳහා ඊයේ (04 දින) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියහ.

මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු සහ පුහුණුකරුවන් 07 දෙනකු ඇතුළත් වී සිටියහ.

එහිදී ඔවුන් එළඹෙන 15, 18 සහ 21 දින පැවැත්වෙන එක් දින සීමිත ඕවර් තරග තුනක් සඳහා සහභාගී වීමට නියමිත අතර එම තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ඊට අමතරව හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තවත් විස්සයි විස්ස තරග 03 ක් එළඹෙන 24, 26 සහ 28 දිනවල පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ද මෙම බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වීමට නියමිතය.

කටුනායක ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment