එළඹෙන මහ කන්නයේ දී බඩඉරිඟු අස්වැන්න ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. දැනට හෙක්ටෙයාර් 60,000ක පමණ බඩඉරිඟු වගා කරන බවත් ඉදිරියේදී හෙක්ටෙයාර් 110,000ක පමණ බඩඉරිඟු වගා කිරීමට හැකියාව ඇතැයිද සඳහන් කරයි.
ඒ සඳහා බීජ බඩඉරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් තිබෙන බවත් තවත් මෙට්‍රික් ටොන් 25,000ක් ආධාර වශයෙන් ලැබෙන බවත් ඇමැතිවරයා පවසයි.