ඉන්දියාවෙන් ණයට ගත් සහල් පළමු තොගය එයි

264

සිංහල හා ද්‍රවිඩ අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින්, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ආනයනය කරනු ලබන සහල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයෙන්, ටොන් 11,000ක පළමු සහල් තොගය රැගත් නෞකාව අද (12) පස්වරුවේ දී කොළඹ වරායට ළඟා විය.ඒ අනුව, මෙම සහල් තොගය ඉන්දියාවේ කාකිනඩා වරායේ සිට දින හතරකට ආසන්න කාල සීමාවක්හර්‍ල් ටොන් 2,000ක් මෙම සහල් තොගයට ඇතුළත් ය.ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයන් විසින් මෙම සහල් තොගය, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති යෝගා පෙරේරා මහතා ඇතුළු වෙළෙඳ අමාත්‍යාංශ නියෝජිතයන් පිරිසක් වෙත නිල වශයෙන් භාර දෙන ලදී.ඒ අනුව, දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවි ශාඛා සහ සමූපකාර ප්‍රාදේශික හරහා සම්බා සහල් කිලෝවක් රු.130/=ක මිලටත්, නාඩු සහල් කිලෝවක් රු.110/=කටත්, කැකුළු සහල් කිලෝවක් රු.110/=කටත්, පාරිභෝගික ජනතාවට ලබා දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment