ඉන්ධන ලබා ගැනීමට යද්දී යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ ගණකාධිකාරිවරිය වෑන් රියක ගැටී ජීවිතක්ෂයට

781

ඉන්ධන ලබා ගැනීමට යමින් සිටියදී යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගණකාධිකාරිවරිය ඇය පදවාගෙන යමින් සිටි යතුරු පැදිය වෑන් රථයක ගැටීමෙන් 16 දා ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ හතළිස් හත් හැවිරිදි කලමති සෝලමතුරෙයි නමැති නිලධාරිනිය වන අතර ඇය යාපනයේ අරියාලෙයි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත යමින් සිටියදී යතුරු පැදිය වෑන් රථයක ගැටීමෙන් මිය ගොස් තිබේ.

යාපනය පොලීසිය අදාල වාහනයේ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු බීමත්ව සිටි බවත් මාර්ගයේ ආලෝක සංඥා නොතකා ඔහු වෑන් රථය ධාවනය කරවීම නිසා මෙම අනතුර සිදුව ඇති බවටත් තොරතුරු ලැබී තිබේ. යාපනය පොලීසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment