බම්බලපිටිය, සිරි විජිරාරාමයේදී වෙසක් පුන් පොහෝදා (12දා) දවස පුරා සීල සමාදාන ඇතුළු පිංකම් පැවැත්වේ.
එදින උදේ කිරිපිඬු පූජා පෙරහැර සහ 6.00ට තිරිකුණාමලේ ආනන්ද මහ නාහිමියන් විසින් සිල් සමාදන් කරවීම හා අනුශාසනාව ද එදින දවස පුරා පැවැත්වෙන දම් දෙසුම් හා සෙසු වැඩසටහන් දියතලාවේ පියදස්සී හිමි, කරපුටුගල රේවත හිමි, වේරදූවේ මහින්ද හිමි, කඹුරුගමුවේ මහානාග හිමි, මීගොඩ සුඛිත හිමි, පිටිපන සාසන රතන හිමි, රාජාංගණයේ සීලවිමල හිමි මෙහෙයවති. භාවනා, සතිපට්ඨාන සූත්ර දේශනාව, ධර්ම සාකච්ඡා, බුද්ධ වන්දනා ද ඊට ඇතුළත්වේ.