බස්නාහිර පළාත් බැඩ්මින්ටන් ශූරතාව යුක්ති සහ රමේෂ් පිලට

87

බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කළ අන්තර් සමාජ බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමිි‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට යුක්ති බැඩ්මින්ටන් කණ්ඩායම සමත් වූ අතර එහි කාන්තා ශූරතාව රමේෂ් බැඩ්මින්ටන් කණ්ඩායම දිනා ගත්තේය.

බැඩ්මින්ටන් පෞද්ගලික සංගම් 48ක් නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා දින 4ක් පුරා මරදාන සාන්ත ජෝශප් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ වෙළෙඳ සේවා බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ පිරිමි ‘ඒ’කාණ්ඩයේ අනුශූරතාව නලින් බැඩ්මින්ටන් කණ්ඩායම දිනාගත් අතර කාන්තා අනුශූරතාව යුක්ති බැඩ්මින්ටන් පිලට හිමි විය.

ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී සමීර ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයට බස්නාහිර පළාත් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නිලධාරීන් ද එක් වූහ.


advertistmentadvertistment