මෙසීගේ වේගවත්ම ගෝලය

507

ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක සහ සුපිරි ක්‍රීඩක ලියොනල් මෙසී සිය ක්‍රීඩා ජීවිතයේ වේගවත්ම ගෝලය වාර්තා කිරීමට පෙරේදා (16 වැනිදා ) සමත් වූයේය. ඔස්ට්‍රේලියාවට එරෙහිව චීනයේ බීජිං හි දී පැවති සුහද පාපන්දු තරගයක දී මෙසී එම වාර්තාගත ගෝලය ලැබීය.

ඒ වනවිට දෙරට අතර තරඟය ආරම්භ වී ගත වී තිබුණේ විනාඩි 1කුත් තත්පර 19 ක් පමණි. 2022 දෙසැම්බර් මස පැවති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය ආජන්ටිනා කණ්ඩායමට ලබා දීමට නායකත්වය දුන් මෙසී මේ වනවිට ආර්ජන්ටිනාව වෙනුවෙන් ලබාගෙන ඇති ගෝල් සංඛ්‍යාව 103 කි. බාසිලෝනා සහ පීඑස්ජී කණ්ඩායම් නියෝජනය කරමින් ද ගෝල 704 ක් රැස් කර ඇති මෙසී රැස් කරගෙන ඇති සියලු ගෝල් සංඛ්‍යාව 807 ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment