අයිස් මත් කිලෝ 03යි සැකකරුවන් 05යි

304


අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඉන්දියන් ජාතිකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනකු අයිස් මත්ද්‍රව්‍ය කිලෝ තුනක් සමග අද අලු‍යම කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කල්පිටිය පොලිස් විශේෂ කාර්යාංශයේ සේවයේ නියුතු පොලිස් සැරයන් 61578 බංඩාර මහතාට ලද තොරතුරක් මත කල්පිටිය බස් නැවතුම්පොළේ අක්කරෙයිපත්තුව බලා ගමන් කිරීමට නියමිතව තිබූ බස් රථයේ සිටි සැකකරුවකු අයිස් මත් ද්‍රව්‍ය අඩංගු කිලෝ ගෑරෑම් එකක පාර්සල් තුනක් සමග මුලින්ම අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකරු කල්පිටිය ආනවාසල ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි. ඔහුගෙන් හෙළිකරගත් තොරතුරු මත අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණ සිටි බව කියන සැකකරුවන් ගමන් ගන්නා වෑන් රථයක් කල්පිටිය සිට අක්කරෙයිපත්තු බලා යන බව පැවසීමෙන් පසු වහා ක්‍රියාත්මක වූ කල්පිටිය පොලිසිය කල්පිටිය පුත්තලම ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් මාර්ග බාධකයට සිද්ධිය සම්බන්ධව දැනුම් දීමෙන් අනතුරුව එහිදී වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ.
වෑන් රථයේ රියදුරු , ඉන්දියන් ජාතිකයා සහ එහි ගමන් ගත් යුවළක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකක් සමග වෑන් රථය අත්අඩංගුවට ගෙන තිබේ

advertistmentadvertistment
advertistmentadvertistment