බස්නාහිර – සබරගමුව – වයඹ ගාල්ල – මාතරට අදත් තද වැසි

46

කාලගුණෙන් රතු නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (3දා) මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

තදවැසි පිළිබඳව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද එම දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment