බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිසුන් 11කට තුවාල

47

දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශයේදී ඊයේ (16 දා) උදේ පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථයක් සහ පාසල් බස්රථයක් මුහුණට මුහුණ හැපී සිදුවූ රිය අනතුරෙන් පාසල් දරුවන් එකොළොස් දෙනෙකු සහ එහි රියදුරු තුවාල ලබා ඔවුන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව දියතලාව පොලිසිය පවසයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලිසිය පවසයි. පාසල් බස් රථයේ රියැදුරු අසුන අසල සිරවීම නිසා ඉන් මුදවා ගැනීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

පෞද්ගලික බස් රථය මන්නාරම බලා ධාවනය වීමට නියමිතව තිබුණි. දියතලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment