බස් ගාස්තු බස්සයි: අවම ගාස්තුව 28යි

107

ඊයේ (30දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තුව අඩු කළ බව පෞද්ගලික බස් සංගම් නියෝජිතයෝ “දිවයින” ට පැවසූහ.

ඒ අනුව රුපියල් 30ක් වන අවම බස් ගාස්තුව රුපියල් 28ක් වන බවත්, එසේම අනෙකුත් ගමන් වාර සඳහා අදාළ බස් ගාස්තු ද අඩුවන බවත් සමස්ත ලංකා අන්තර් බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා “දිවයින” ට පැවැසීය.

හෙතෙම මෙසේද කීය.

ආණ්ඩුව චක්‍රලේඛ ගෙනත් ප්‍රවාහන සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරලා අපේ වෘත්තීය ක්‍රියාමාර්ග පස්සට හකුලන්න උත්සාහ කරනවා නම් අපි ඊට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.

අපි ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. බස් ගාස්තු අඩුවීමේ වාසිය සීයට සීයක්ම ලබා ගන්න නම් අනිවාර්යයෙන්ම මාරු කාසි අරන් එන්න.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment