බ්‍රැඩ්බි තරගයේ වීරයා සම්මාන තෙවින්ට

175

77 වැනි බ්‍රැඩ්බි තරගයේ ජයග්‍රහණය හිමි කරගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය පසුගියදා සමත් වූ අතර තරගයේ වීරයා සම්මානය රාජකීය විද්‍යාලයේ තෙවින් පෙරේරා වෙත හිමි වූයේය.

එන්ඩීබී බැංකුවේ සභාපති ශ්‍රියාන් කුරේ සහ එහි පුද්ගලික බැංකු සහ පාරිභෝගික අත්දැකීම් පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා යන මහත්වරු තරගයේ වීරයා බවට පත් වූ රාජකීය විද්‍යාලයේ තෙවින් පෙරේරා වෙත ත්‍යාග පිරිනමන ලද අවස්ථාව මෙහි දැක්වේ.

එන්ඩීබී බැංකුව රාජකීය විද්‍යාලයේ 2023 රග්බි ශූරතාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සහ ත්‍රිත්ව විද්‍යාලයේ 2023 රග්බි කණ්ඩායම් නිල අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව තෙවැනි වරටත් හවුල්කාරිත්වයෙන් කටයුතු කළේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment