බිම වැටුණු රිවෝල්වරය ඉබේ පත්තු වී කොස්තාපල්ට වෙඩි වදී

379

හලාවත පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයෙක් රාජකාරිය අවසන් කර වැඩ භාර ගන්නා නිලධාරියාට රිවෝල්වරය භාරදීමට යද්දී එය ක්‍රියාත්මක වීම හේතුවෙන් එම නිලධාරියාගේ කකුලට තුවාල සිදුව ඇත.

මෙම සිද්ධිය පෙරේදා (26 දා) සවස සිදුවී ඇති අතර මෙම රාළහාමිගේ රාජකාරිය අවසන් කර ඊළඟට සේවය භාර ගැනීමට නියමිත නිලධාරියාට ආරක්ෂක පෙට්ටියෙන් රිවෝල්වරය රැගෙන භාරදීමට යද්දී රිවෝල්වරය බිම වැටී ඇත.

ඒ සමග රිවෝල්වරය ඉබේ ක්‍රියාත්මක වී මෙම රාළහාමිගේ කකුලට හානි සිදුවී තිබේ. ඔහු හලාවත රෝහලට ඇතුළත් කර ඇත.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment