බුත්තල හෝටලයක යකා නැටූ පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

56

බුත්තල පොලිස් වසමට අයත් මොනරාගල පාර 11 කණුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික නිවාඩු නිකේතනයකට පැමිණ බීමත්ව කලහකාරී ලෙස හැසිරෙමින් එහි දේපළවලට හානි කළ පොලිස් පරීක්ෂකවරයෙකු බුත්තල පොලීසිය මඟින් ඉකුත් (06දා) අත්අඩංගුවට ගෙන ඇත.

මඩොල්සිම පොලීසියට අනුයුක්තව සේවය කරන 56 හැවිරිදි දැනට විශ්‍රාමික පූර්ව නිවාඩු ලබා සිටින මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඉකුත් 04 වෙනිදා එම නිවාඩු නිකේතනයට බීමත්ව පැමිණ එහි වීදුරු දොරවල්වලට සහ පිහිනුම් තටාකයට ගල්මුල් වලින් පහරදී අලාභ හානි සිදුකර ඇත.

එම නිසා හෝටලයට රුපියල් පන්ලක්ෂ අසූදහසක පමණ අලාභ හානියක් සිදුවී ඇති බව හෝටලයේ අයිතිකරු විසින් පොලීසියට පවසා ඇත. සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.බුත්තල පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්. එම්. ජේ. බණ්ඩාර මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment