පළාත් පාලන සීමා නිර්ණ නිර්දේශ මග හිරවෙයි

76

ක්‍රියාත්මක කළොත් ලෙඩක් වේවි – – ඇමැති ජනක වක්කුඹුර කියයි

පළාත් පාලන සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවූ බව පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.

මෙම වාර්තාවේ කරුණු ක්‍රියාත්මක කිරීමේදී පළාත් පාලන ආයතන තවත් ගැටලුකාරී තත්ත්වයකට පත්වනු ඇතැයි ද සංහිඳියා ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ලවනු ඇති බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

මේ අතර ලබන වසරේදී නියත වශයෙන්ම ජනපතිවරණය පැවැත්වෙන බව ද දින වකවානු පසුව තීරණය වනු ඇති බව ද ඊයේ (28දා) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කළේය.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment