මත්කරලේ ගතමනාවට වහ වැටුණු විශ්‍රාමික ඖෂධවේදීහු දෙදෙනා බඩුත් එක්ක දැලේ

668

අයෙක් ආබාධිතව නිවසේම වෙසෙයි
අනෙකා දුරකථනයෙන් ඇනවුම් භාර ගනී

දෙහිවල ගාලු‍පාරේ පුද්ගලික ඉන්ධන හලක් ආසන්න නිවසක රැඳී සිටි විශ්‍රාමික ඖෂධවේදීන් දෙදෙනකු සන්තකයේ තිබූ මත්කරල් 3000 ක් දෙහිවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරදු 58 – 59 වයස් කාණ්ඩවල පසුවන්නන් වන අතර ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම්වල රාජකාරියෙන් විශ්‍රාම ලබා ඇති පුද්ගලයන් බවද පොලිසිය කියයි. මින් එක් පුද්ගලයෙකු ආබාධ සහිතව නිවසේම වෙසෙන අතර අනෙක් පුද්ගලයා ජංගම දුරකථන භාවිතයෙන් ඇනවුම් ලබාගෙන එක් කාඩ්පතක් රුපියල් 90 ත් 100 ත් අතර විවිධ මිල ගණන්වලට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසැල් ළමුන්, ක්‍රීඩාවල නිරත තරුණ පිරිස්, වැඩිහිටියන්ට මෙම මත්ද්‍රව්‍ය කරල් වෛද්‍ය නිර්දේශවලින් තොරව වසරකට අධික කාලයක සිට අලෙවි කරමින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට හෙළි වී ඇතැයිද පොලිසිය පැවසීය.

ගල්කිස්ස කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරියෙකු විසින් ලබාදුන් තොරතුරකට අනුව දෙහිවල පොලිසිය මගින් මෙම නිවස වටලා පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම මත් කරල් තොගය හමූවී ඇත. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රහ්මණගේ, පොලිස් අධිකාරි 1 රොහාන් පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී 2 මංජුල ලලිත් වික්‍රමසිංහ යන මහතුන්ගේ අධීක්ෂණය මත දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් පරිදි පාලන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නලීන් රණවීර මහතාගේ මෙහෙයවීම මත පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් සිදුකරගෙන යනු ලබයි.

පින්සිරි ආරියරත්න – රත්මලාන


advertistmentadvertistment