බිත්තර සහ කුකුළු මස් හිතූ හිතූ ගණන්

111

වෙළෙඳපොළේ බිත්තර හා කුකුළු මස් හිතූ හිතූ මිලට වෙළෙඳුන් අලෙවි කරන බව පාරිභෝගික ජනතාව චෝදනා කරති.

දැනටමත් වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 50 – 55 – 60 ආදී හිතෙන හිතෙන මිල ගණන් යටතේ අලෙවි කරන බවත්, කුකුළු මස් කිලෝවක් රුපියල් 1300, 1380 ආදී මිල ගණන් යටතේ අලෙවි වන බවත් ඔවුහු පවසති.

සත්ත්ව ආහාර මිල ඉතා අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් බිත්තර මිල, ඉහළ දැමීමට සිදු වී ඇතැයි බිත්තර නිෂ්පාදකයෝ පැවසූහ.

කුකුළු මස් හා බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසීය. ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 70ක් දක්වා ද කුකුළු මස් කිලෝවක මිල 1600 දක්වාත් ඉහළ යා හැකි බව ඒ මහතා පවසයි.

කර්මාන්තය පවත්වාගෙන යෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය බව ද හෙතෙම කීය.

තවදුරටත් කතා කළ හෙතෙම මෙසේ ද කීය.

බිත්තර හා කුකුළු මස් මිල ඉහළ ගිහින් කියලා ජනතාව මැසිවිලි නඟනවා. පසුගිය මාර්තු මාසයේ ඉඳලා සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ආනයනය කිරීමට විශාල වශයෙන් බලපෑම් ඇති වුණා. අපි මේ ගැන රජයට දිගින් දිගට ම දැනුම් දුන්නා. ලිඛිතවත් දැනුම් දුන්නා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment