මත්තල මෙහෙයුම්වලට ගුවන් සමාගම් 4ක්

270

මත්තල සිට ගුවන් සමාගම් හතරක් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කර ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඞී. වී. චානක මහතා ඊයේ (29 දා* පැවසීය.

මේ වනවිට මත්තල සිට කසකස්තානය, මාලදිවයින සහ අබුඩාබි අතර ගුවන් ගමන් සේවා සිදුකිරීමට එකඟතාවට පැමිණ ඇති බවත් මත්තල සිට අබුඩාබි අතර ගුවන් සේවා කටයුතු ඉදිරි සති කිහිපය ඇතුළත ආරම්භ කරන බවත් ඒ මහතා කීය.

මත්තල ගුවන්තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් ගුවන්යානා නඩත්තු ඒකකයක් ඇතිකිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සමාගමක් සමග සාකච්ඡුාවල අවසාන අවස්ථාවේ පසුවන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ වුවත් මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන්තොටුපළ කොවිඞ්වලින් ආරක්‍ෂිත ගුවන්තොටුපළක් ලෙස ජාත්‍යන්තරව ශ්‍රේණිගත වී තිබෙන බවද කියා සිටින චානක රාජ්‍ය ඇමැතිවරයා ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගනිමින් සංචාරක ව්‍යාපාරයට මෙන්ම කෘෂි නිෂ්පාදන හා මත්ස්‍ය නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ප‍්‍රවාහනය කිරීමට මෙම ගුවන්තොටුපළ භාවිත කිරීමට අපේක්‍ෂා කරන බවද කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment