මදුරකුන්කුලියේ ගුවන් සෙබළා පස්සට පදවා වාර්තාවක් තබයි

276

වේගය පැ.කි. 40-50 යි: දුර කි.මි. 71 යි

පුත්තලම මදුරකුන්කුලිය මුක්කුතොඩුවාව ගම්මානයේ විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙකු කිලෝ මීටර් 71 ක දුර ප්‍රමාණයක් ත්‍රිරෝද රථයක් පසුපසට ධාවනය කරමින් ලෝක වාර්තාවක් තැබීමේ උත්සාහයක නිරත විය.

වයස අවුරුදු 45 ක පස් දරු පියෙකු වන අයි.එම්.එල්. නිශාන්ත බණ්ඩාර නමැති අය මෙම වීර ක්‍රියාව සිදු කළ අතර ඔහු මෙම දුර ප්‍රමාණය පැය 2 යි විනාඩි 33 කින් සාර්ථක අන්දමින් නිම කිරීමට සමත් විය.

පැයට කිලෝමීටර් හතළිහත් පනහත් අතර වේගයෙන් ත්‍රිරෝද රථය පසුපසට ධාවනය කරමින් මුක්කුතොඩුවාව ගම්මානයේ සිට මදුරන්කුලිය නගරයට පැමිණ අනතුරුව පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයේ බත්තුළුඔය මාර්ග බාධකය වෙත පැමිණ නැවතත් ආපසු මුක්කුතොඩුවාව ගම්මානයට පැමිණියේය.

මෙම අවස්ථාව දැක බලා ගැනීමට විශාල පිරිසක් මඟ දෙපස රැඳී සිටිමින් ඔහුව ධෛර්යමත් කරන්නට කටයුතු අයුරු දක්නට ලැබිණි. කිසිදු උපද්‍රවයකින් තොරව ධාවනය කළ මෙම වීර ක්‍රියාව නිම කළ නිශාන්ත බණ්ඩාර ගම්මානයේ ජනතාව උණුසුම් අන්දමින් පිළිගත්හ.

මදුරකුන්කුලියේ ගුවන් සෙබළා පස්සට පදවා වාර්තාවක් තබයි

මදුරකන්කුලිය සහ මුන්දලම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ඔහුට ආරක්ෂාව ලබාදීමට කටයුතු කළේය. ලෝක වාර්තාවක් පිහිටුවා දිවයිනට ගෞරවයක් ලබාදීම තමන්ගේ එකම බලාපොරොත්තුව බව නිශාන්ත බණ්ඩාර මෙහිදී කියා සිටියේය.

මෙහි අධීක්ෂණ කටයුතු මදුරකන්කුලිය සහ මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් සිදු කළ අතර මෙම අවස්ථාව දැක බලාගැනීමට ප්‍රදේශයේ විශාල පිරිසක් පැමිණි සිටියහ.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment