මධ්‍යම සියලුම මුස්ලිම් පල්ලිවලට විශේෂ පොලිස් ආරක්‍ෂාවක්

247

මහනුවර අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව ලැබුණු තොරතුරක් මත මධ්‍යම පළාතේ සියලුම මුස්ලිම් පල්ලිවලට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ලබාදී ඇත.

පොලිසියට අමතරව යුද හමුදාවේ ආරක්‍ෂාව ද ලබාදී ඇති අතර ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට කැරලි මර්දන ඒකක ද සූදානම් කර තිබේ.

අකුරණ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ඉඩ ඇති බවට මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශයට ලැබුණු තොරතුරක් මත මෙම ආරක්‍ෂක ක්‍රියාමාර්ගය ගෙන ඇත.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment