කටාන අයවැය වැඩි ඡන්ද අටකින් පරාදයි

223

කටාන ප‍්‍රාදේශීය සභාවේ පාලක පොදුජන පෙරමුණ සභාපතිවරයා විසින් 15 වැනිදා සභාවට ගෙනා 2022 සඳහා වූ අයවැය පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් පහළොස් දෙනෙකුගේ සහ එක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරයකුගේ සහයෙන් 25කට 17ක් වශයෙන් වැඩි ඡන්ද අටකින් පරාජයට පත් වුණි.

කටාන ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරුන් වශයෙන් පොදුජන පෙරමුණ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ස්වාධීන පක්ෂ යන පක්ෂවලින් මන්ත‍්‍රීවරු හතළිස් දෙදෙනෙක් ප‍්‍රාදේශීය සභාව නියෝජනය කරති.

එම මන්ත‍්‍රීවරුන්ගෙන් පොදුජන පෙරමුණ මන්ත‍්‍රීවරුන් පහළොස් දෙනෙක් සමග ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ එක් මන්ත‍්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූ මන්ත‍්‍රීවරුන් හයදෙනෙක් ජනතා විමුක්ති පෙරමුණෙන් පත්වූ මන්ත‍්‍රීවරුන් තිදෙනාද විරුද්ධව ඡන්දය භාවිතා කර තිබිණි.

ආනන්ද නිශ්ශංක – කටුනායක

advertistmentadvertistment
advertistmentadvertistment