පොලිස්පතිගෙන් මෙතෙක් ලිඛිත ඉල්ලීමක් කර නෑ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ක්‍රිකට් පාලක මණ්ඩලයේ වංචා දූෂණ හෙළිදරව් කිරීමත් සමගම තමන්ට එල්ලවී ඇති මරණීය තර්ජන හමුවේ තම ආරක්‍ෂාව වැඩිකර දෙන ලෙස ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියද ඊයේ (12 දා) වන තුරුත් එම විශේෂ ආරක්‍ෂාව ලබාදීමට කටයුතු කර නොතිබිණි.
ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට කටයුතු කිරීමෙන් පසු තමන්ට විවිධ පාර්ශ්වයන්ගෙන් මරණීය තර්ජන එල්ල වෙමින් තිබෙන බවට ඇමැති රොෂාන් රණසිංහ මහතා මාධ්‍ය හමුවේ හෙළිකර තිබිණි.
එහිදී ක්‍රීඩා ඇමැතිවරයා කියා සිටියේ තමන්ට එල්ලවී තිබෙන තර්ජන හමුවේ විශේෂ ආරක්‍ෂාවක් සලසා දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.
එහෙත් ‘දිවයින’ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ක්‍රියා සිටියේ ඊයේ සවස් වන තුරුත් එවැනි විශේෂ ආරක්‍ෂාවක් ඇමැතිවරයාට ලබා දීමට කටයුතු කර නොතිබූ බවයි.
එමෙන්ම ඒ මහතා කියා සිටියේ ක්‍රීඩා ඇමැතිවරයා මෙම ඉල්ලීම පොලිස්පතිවරයාගෙන් ලිඛිතව කළ බවට මේ වන තුරුත් දැන ගන්නට ලැබී නොමැති බවයි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් තම ආරක්‍ෂාවට පාතාල නායකයන් ළඟ තබා ගෙන සිටින බවට රොෂාන් රණසිංහ මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කර තිබිණි.
ජනාධිපතිවරයා ක්‍රිකට් තරග නැරඹීමට පැමිණි අවස්ථාවකදී මේ පාතාල නායකයන් ජනාධිපතිවරයාට පිටුපසින් සිටි බවට ක්‍රීඩා ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී හෙළි කර තිබිණි.
හේමන්ත රන්දුනු