මහජන බැංකුව People’s Wiz-Credit (RLOS) ක්‍රමවේදය සමස්ත ශාඛා ජාලය පුරාම ව්‍යාප්ත කරයි

39

මහජන බැංකුව සිය ඩිජිටල්කරණ බැංකුකරණ ගමන්මඟේ තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සමස්ත ශාඛා ජාලය පුරා සිය ඩිජිටල් ණය ක්‍රමවේදය :People’s Wiz-Credit Digital Loan Origination) ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව සම්පූර්ණ කරන ලදි.

People’s Wiz-Credit Digital Loan Origination System (RLOS) යනු මෙරට ණය ලබාදීමේ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කළ නවීනතම ක්‍රමවේදයකි. ඒ තුළින් සම්ප්‍රදායික ක්‍රමවේදයෙන් බැහැරව ආරම්භයේ සිට අවසානය දක්වා එනම් ණය අයදුම් කිරීම, ණය නිකුත් කිරීම සහ පසු ණය නිකුතු ක්‍රියාවලිය ආදී සමස්ත ක්‍රියාවලියම ඩිජිටල්කරණය කර ඇත. මෙම ඩිජිටල් ක්‍රමවේදය තුළින් මූලික ණය අයදුමෙන් පැය කිහිපයක් ඇතුළත පුද්ගලික ණය පහසුකම ලබාගත හැකිවීම විශේෂත්වයකි.

මෙම RLOS ක්‍රමවේදය මගින් ගනුදෙනුකාර කේන්ද්‍රීය බව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු වේ. ණය ලබාදීමේ ක්‍රමවේදය ඩිජිටල්කරණය කිරීම ඔස්සේ සිය මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, ණය සැකසුම් ක්‍රියාවලියට ගත වන කාලය අවම කිරීම සහ ගනුදෙනුකරුවන්ට වඩාත් උසස් සේවාවක් පිරිනැමිම මහජන බැංකුවේ අපේක්ෂාවයි.

මෙම ඩිජිටල් ණය ක්‍රමය ක්‍රියාවට නැංවීම තුළින් නවෝත්පාදනය හා මුසුවූ නවීන තාක්ෂණික ක්‍රමවේදයන් ස්ථාපිත කිරීම සඳහා මහජන බැංකුවේ කැපවීම පිළිබිඹු කෙරේ. මෙලෙස අතිනවීන ඩිජිටල් විසඳුම් සඳහා ආයෝජනය කිරීම තුළින් බැංකු පද්ධතිය අතර ඉදිරියෙන් සිටීමට මෙන්ම සිය ගනුදෙනුකරුවන්ට උසස්ම සේවාවක් සැපයීමට ඇති මහජන බැංකුවේ කැපවීමද පිළිඹිබු වේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ගනුදෙනුකාර කේන්ද්‍රියභාවය ඉහළ නැංවීම සඳහා අපගේ ඩිජිටල් බැංකුකරණ පහසුකම් වැඩිදියුණු කිරීමට මහජන බැංකුව නිරන්තරයෙන් පියවර ගන්නවා. ඒ අනුව පුද්ගල ණය අවශ්‍යතා ඉතා වේගයෙන් ඉටුකරදෙන People’s Wiz-Credit පහසුකම මු`ඵ ශාඛා ජාලය පුරාම ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ අප ඉතාමත් සතුටට පත්වෙනවා.’

advertistmentadvertistment
advertistmentadvertistment