මහවැසි මැද කැළඹුණු ජන ජීවිත – මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළං වෙයි

130

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතී.

මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට පැමිණීමට 01 දා පෙරවරුව වන විට තවත් අඩි 10 ක් පමණ ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

මාවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව අක්කර අඩි 93800 ක් හා විශාලත්වය අක්කර 1790 ක් පමණ වේ. පවතින අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන් මස්කෙළිය ඔයේ හා සීත ගඟු‍ල ඔයේ ජල මට්ටමද ඉහළ ගොස් තිබේ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ ජලාශයෙනි.
මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

කිරම ඔය පිටාර ගලා දංකැටිය යටවෙයි

මහවැසි මැද කැළඹුණු ජන ජීවිත - මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළං වෙයි

අයහපත් කාලගුණික තත්වය හමුවේ කිරම ඔය පිටාර ගැලීමෙන් තංගල්ල වීරකැටිය මාර්ගයෙහි දංකැටිය වේල්ල ප්‍රදේශය ගංවතුරට ඊයේ (30 දින) සම්පූර්ණයෙන් යට විය.

එම ප්‍රදේශය හරහා ගමන් ගන්නා මහජනතාවගේ ආරක්ෂාව සඳහා තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිගේ නියෝග මත තංගල්ල කොට්ඨාස ජීවිතාරක්ෂක ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් දිසානායකගේ මූලිකත්වයෙන් ජීවිතාරක්ෂක නිලධාරින් කණ්ඩායමක්ද යොදවා ඇත.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

කැලණි ගඟ පිටාර ගලා මල්වානත් යට වෙයි – ගමනාගමනයත් ඇනහිටී

මහවැසි මැද කැළඹුණු ජන ජීවිත - මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළං වෙයි

දැනට දින තුනක පමණ කාලයක සිටම ඇඳ හැලෙන ධාරානිපාත වැසි නිසා කැලණි ගඟ උතුරා පිටාර ගැලීමෙන් මල්වාන හා අවට පෙදෙස් ඊයේ (01 වැනිදා) පස්වරුව වනවිට ජලයෙන් යට වීමට පටන් ගෙන ඇත.

මේ හේතුවෙන් මල්වාන – දොම්පේ මාර්ගයේ ගමනාගමනය ද ඇනහිට තිබේ.

මහවැසි මැද කැළඹුණු ජන ජීවිත - මාවුස්සාකැලේ පිටාර මට්ටමට ළං වෙයි

තවද කැලණි ගඟ අසබඩ වාසය කරන්නෝ ගංවතුර බියෙන් නිවසේ අතහැර ආරක්ෂිත කරා පැමිණමින් සිටිති.

ජායාරූපවලින් දැක්වෙන්නේ මල්වාන – දොම්පේ මාර්ගය ජලයෙන් යටවී තිබෙන අයුරු හා පහත්බිම් වල නිවාස ජලයෙන් යට වෙමින් පවතින අයුරුයි.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment