මහ බැංකුවේ සංචිත ඉහළට

88

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් වටිනාකම ඉකුත් මැයි මස අගදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3483ක් දක්වා සියයට 26.2කින් වර්ධනය වී ඇත.

පසුගිය අප්‍රේල් මස අග දී පැවැති නිල සංචිත වත්කම් වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2761ක් විය.

මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සාධකය වන විදේශ මුදල් සංචිත පසුගිය අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 2693 සිට පසුගිය මැයි මාසයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3444ක් දක්වා සියයට 27.9 කින් ද වර්ධනය වී ඇත.

මෙම සංචිත වත්කම් තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1.4කට ආසන්න චීනයෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment