ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 02%ක පමණ කුමන හෝ මානසික රෝගයකින් පෙළෙන බව සෞඛ්‍ය සමීක්ෂණ වාර්තා වලින් හෙළිවෙයි. තමන්ට මානසික ආබාධයක් තිබෙන බව පිළිගැනීමට බෙහෝ දෙනෙක් මැළි වෙති. එසේම ඒවාට අදාළ පිළියම්වලට යොමු වීමට ඇත්තේත් ඒ හා සමානම අකමැත්තකි. ඒ පිළිබඳව කථා කිරීමටත් දක්වන්නේ මැළි බවකි. ඊට බොහෝවිට හේතුව වන්නේ මානසික ආබාධ ගැන සමාජගතව පවතින ආකල්පයන්ය. සෑම මානසික ආබාධයක්ම “පිස්සු හැදිල හෝ පිස්සු” යනුවෙන් වර්ගීකරණය කිරීම ඊට ප්‍රධානතම හේතුවය. මෙම කරුණු නිසා ප්‍රතිකාරවලට යොමු නොවීම නිසා හෝ නිසිකලට ප්‍රතිකාර වලට යොමු නොවීම නිසා පීඩා විඳින අය බොහෝ දෙනෙක් සිටිති. එය ඉතා කනගාටුදායක තත්ත්වයකි.
කිසියම් ජන්මියෙකුට කිසියම් මානසික ආබාධයක් වැළඳේද? එය සුවකළ හැකිද? යනාදිය ජන්ම පත්‍ර පරීක්ෂාවකින් සොයාගත හැකි ක්‍රම තිබේ. ඒවා හඳුන්වා දීම මෙම ලිපියේ අරමුණය.
මානසික රෝග පිළිබඳව හෝ සෞඛ්‍යය පිළිබඳව ජන්ම පත්‍රයකින් පරීක්ෂා කිරීමේදී පරීක්ෂා කළ යුතු අංශ:
- සඳුගේ පිහිටීම: සඳු තැන්පත් රාශිය, භාවය, තැන්පත්ව ඉන්නා ආකාරය ස්වක්ෂේත්‍ර ද, නිච ද ආදී ලෙස සහ සඳුගේ නැකැත් අධිපති, සඳු සමග යෝග ග්‍රහයන් කවුරුන්ද සහ සඳුට ලැබෙන දෘෂ්ඨි මොනවාද යන්න
- ලග්න ස්ඵුටය අනුව එහි නැකැත් අධිපති කවුරුන්ද යන වග, ලග්නාධිපතිගේ ස්ඵුටය සහ එහි නැකැත් අධිපති කවුරුන්ද යන වග,
- රවි තැන්පත් රාශිය, භාවය, තැන්පත්ව ඉන්නා ආකාරය ස්වක්ෂේත්‍ර ද, නීච ද ආදී ලෙස සහ රවිගේ නැකැත් අධිපති, රවි සමග යෝග ග්‍රහයන් කවුරුන්ද සහ රවිට ලැබෙන දෘෂ්ඨි මොනවාද යන්න
- ජන්ම පත්‍රයේ හතරවැන්න: හතරවැන්නාධිපති තැන්පත්ව ඉන්නා ආකාරය ස්වක්ෂේත්‍ර ද, නීච ද ආදී ලෙස සහ හතරවැන්නාධිපතිගේ නැකැත් අධිපති, හතරවැන්නාධිපති සමග යෝග ග්‍රහයන් කවුරුන්ද සහ හතරවැන්නාධිපතිට ලැබෙන දෘෂ්ඨි මොනවාද සහ හතරවැන්නේ තැන්පත් ග්‍රහයන් මොනවාද යන්න මෙන්ම හතරවැන්නට ලැබෙන දෘෂ්ඨි මොනවාද යන්න
- සඳු රාහු හෝ කේතු හෝ සෙනසුරුගෙන් හෝ පීඩා විඳින්නේ දැයි බලන්න. සඳු එම ග්‍රහයන්ගේ ස්ඵුට වලට ආසන්න ස්ඵුටයකද? හෝ ඔවුන්ගෙන් දෘෂ්ඨි ලබයි ද යන්න බලන්න.
- ලග්නාධිපති ග්‍රහයා රාහු හෝ කේතු හෝ සෙනසුරුගෙන් හෝ පීඩා විඳින්නේ දැයි බලන්න. ලග්නාධිපති ග්‍රහයා එම ග්‍රහයන්ගේ ස්ඵුටවලට ආසන්න ස්ඵුටයකද? හෝ ඔවුන්ගෙන් දෘෂ්ඨි ලබයිද යන්න බලන්න.
- ලග්න ස්ඵුටයට ආසන්න ස්ඵුටය වල (අංශක හතක පමණ වෙනසකින් යුතුව) රාහු හෝ කේතු හෝ සෙනසුරු සිටී දැයි බලන්න.
- රාහු හෝ කේතු හෝ සෙනසුරු යන ග්‍රහයන් සඳුට හෝ ලග්නාධිපතිට හෝ ලග්න ස්ඵුටයට හෝ සප්තමව සඳුගේ හෝ ලග්නාධිපතිගේ හෝ ලග්න ස්ඵුටයට ආසන්න ස්ඵුට වල (අංශක හතක පමණ වෙනසකින් යුතුව) වෙමින් තැන්පත් ද යන්න බලන්න.
- රාහු හෝ කේතු හෝ සෙනසුරු යන ග්‍රහයන් රවිගේ ස්ඵුටයට ආසන්න ස්ඵුට වල (අංශක හතක පමණ වෙනසකින් යුතුව) තැන්පත් ද යන්න බලන්න.
- රාහු සහ සෙනසුරුගේ හෝ කේතු සහ සෙනසුරුගේ යෝග වීමක් කේන්දරයේ හතරවැන්නේ යෙදී තිබේ දැයි බලන්න.
- හෝ හතරවැන්නාධිපති ග්‍රහයා රාහු හෝ කේතු හෝ සෙනසුරු සමග යෝගව හතරවැන්නේම හෝ වෙනත් භාවයක තැන්පත් ද යන්න බලන්න.
- රවිගේ හෝ සඳුගේ හෝ ලග්නාධිපතිගේ හෝ ලග්නයේ හෝ ස්ඵුටය රාහුගේ හෝ කේතුගේ නැකතක දැයි බලන්න.
- ඉහතකී අවස්ථාවන් ඔබ පරීක්ෂා කරන කේන්දරයේ දක්නට තිබේ නම් සහ එසේ දකින වාර ගණන වැඩි නම් එම ජන්මියාට මානසික රෝගාබාධයක් වැළඳිය හැකිය.
වර්ග කේන්දර (Divisional Charts) පරීක්ෂාවෙන් මානසික රෝග වැළඳේද?, කුමන කාලයකදී වැළඳේද? සුව කළ හැකිද යන්න සාර්ථකව පරීක්ෂා කළ හැකි ක්‍රමවේදය මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
සරත් මහීපාල
ජ්‍යොතිෂ උපදේශක
0705037446 – 0718066249 – 0112808933