මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සබදතා තර කරයි

201

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර දිගුකාලීන ද්වි පාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම තම රජයේ අරමුණ බව මාලදිවයින විදේශ අමාත්‍ය මූසා අමීර් මහතා පැවසීය.හෙතෙම මේ බව සඳහන් කළේ අද විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීය.දෙරට අතර අධ්‍යාපන, සංචාරක, ආරක්ෂක, සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක ගිවිසුම් ඉදිරියටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසුවේ සංචාරක සහ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ආයෝජනය කිරීමට මාලදිවයින රජයට ආරාධනා කරන බවය.එසේම ශ්‍රී ලංකාව ද මාලදිවයිනහි ආයුර්වේද ,සූර්ය බලශක්ති, සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ආයෝජනය කිරීම තවදුරටත් වර්ධනය කරන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment