මාස දෙකක් ඇතුළත විදුලිබිල අඩුකරනවා – අගමැති දිනේෂ් ගුණවර්ධන

55

ඉදිරි මාස දෙකේ දී විදුලිබිල අඩුකළ හැකිවනු ඇතැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

විදුලිබිල අඩු කළ යුතු බවත් ඒ සඳහා ආණ්ඩුව ඇතුළේ තමා කතා කරන බවත් අගමැතිවරයා කියයි.

දැන් විදුලිබිල අඩු කිරීමේ සීමාවේ තියෙන්නේ. එය ඉදිරි මාස දෙක තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. මෙසේ විදුලි බිල අඩු කිරීමට හැකි වන්නේ උමා ඔය විදුලිබලාගාරයේ ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරන නිසයි. දැන් ලංකාවේ විදුලි පද්ධතියට මෙගාවොට් 120ක් උමා ඔයෙන් ලැබෙනවා යැයිද අගමැතිවරයා පැවසීය. ඔහු එසේ කියා සිටියේ ඊයේ (17දා) කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදීය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment