මුතුරාජා ආපසු ගෙනයන්න තායිලන්තයෙන් 4 ක් එති

2635

තායි රජය මෙරටට පරිත්‍යාග කළ මුතුරාජා ඇතා ආපසු එරටට ගෙනයෑම සඳහා සිව්දෙනකුගෙන් යුත් වනජීවි කණ්ඩායමක් ඊයේ (12 දා) මෙරටට පැමිණි අතර එම පිරිසට පශු වෛද්‍යවරුන් දෙදෙනෙක් ද ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවේදී එම ඇතාට නිසි ප්‍රතිකාර නොලැබෙන බවට තායි රජයට හෙළිවී තිබේ. තායි රජය එම ඇතාව ගෙනයෑමට සැලසුම් කරන අවස්ථාවේ ශ්‍රී ලංකාවේදී විශාල ඇතකු ඝාතනය වීමේ සිද්ධිය ද තායි බලධාරීන්ට වාර්තා වී තිබේ.

මෙම තායි ඇතා මේ වන විට අලුත්ගම කන්ද විහාරයේ සිටී.
කීර්ති වර්ණකුලසූරිය


advertistmentadvertistment