රතන හිමි ඥානසාර හිමිට බෑ කියයි… මන්තී‍්‍ර පුටු සිද්ධියෙන් ‘කොඩිය’ ඈත් වෙයි

363

චමින්ද සිල්වා

පූජ්‍ය අතුරලියේ රතන හිමි සහ පූජ්‍ය ගලගොඩඅත්තෙ ඥානසාර හිමි අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය හුවමාරු කර ගැනීමට ඇතිවී තිබෙන එකඟතාවයට පක්‍ෂයට මැදිහත්විය නොහැකි යැයි අපේ ජනබල පක්‍ෂයේ (කොඩිය ලකුණ* සභාපති සමන්ත පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (17 දා* පැවසීය.
 
 අපේ ජනබල පක්‍ෂය වෙනුවෙන් තමන් දරන මන්තී‍්‍ර ධුරය මාස 06 කින් පසු පූජ්‍ය රතන හිමියන් විසින් ගලගොඩඅත්තේ හිමියන්ට ලබාදෙන බවට එකඟතාවයක් ඇතිකර ගෙන තිබෙන බවත් එය පක්‍ෂයේ එකඟතාවයකින් තොරවූ දෙයක් බවත් සමන්ත මහතා කීය.
 
 පූජ්‍ය රතන හිමියන් විසින් වාචිකව එකඟතාවය පළකර ඇති දිනය ජූලි 05 වැනිදාට යෙදී තිබෙන බවත් ඒ අනුව ඥානසාර හිමියන් රතන හිමියන්ගෙන් මන්තී‍්‍ර ධුරය ඉල්ලා ඇතත් එය ලබාදිය නොහැකි බව රතන හිමියන් ඥානසාර හිමියන්ට ප‍්‍රකාශ කර ඇති බවත් ඒ මහතා කීය.
 
 පූජ්‍ය පක්‍ෂය යම් එකඟතාවකට එකඟවූවා නම් එය කඩකර බොරු නොකියන නිසා උන්වහන්සේ දෙනමට ප‍්‍රශ්නය බේරාගැනීමට පක්‍ෂය ඉඩදී තිබෙන බවද කී සමන්ත මහතා මින් ඉදිරියට පාර්ලිමේන්තු මැතිවරණ සඳහා පූජ්‍ය පක්‍ෂය සම්බන්ධ කර නොගැනීමට පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව සාකච්ඡා කරමින් සිටින බවත් වැඩිදුරටත් කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment