මුම්බායි නගරයේ වායු දූෂණ මට්ටම ඉහළට

261

ශීත ඍතුවේ ඉන්දියාවේ නවදිල්ලි නගරයේ හටගෙන ඇති අධික වායු දූෂණ තත්ත්වය අභිබවමින් ඉන්දියාවේ වාණිජ අගනගරය වන මුම්බායි නගරයේ වායු දූෂණය මෙම දිනවල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වී තිබේ. මේ වන විට නවදිල්ලි නගරයේ වායු දූෂණ තත්ත්වය අභිබවමින් මුම්බායි නගරයේ වායු දුෂණය ඉහළ ගොස් ඇති අතර ඊයේ (09දා ) වන විට එම වායු දූෂණ මට්ටම වායු ප්‍රමිති දර්ශකයේ 308ක් වශයෙන් සටහන්ව තිබිණි.

සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ වායු මට්ටමක් ලෙස සැලකෙනුයේ වායු ප්‍රමිති දර්ශකයේ අගය 150ට අඩු මට්ටමක පැවතීම වන අතර නවදිල්ලි නගරයේ ඊයේ වන විට පැවති වායු ප්‍රමිති දර්ශකයේ අගය වුයේ 259කි. ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතින ඉදි කිරීම්, වාහනවලින් පිටවන විෂ දුම් ප්‍රමාණය වැඩි වීම හා දරුණු කාලගුණික තත්ත්වයන් මෙසේ මුම්බායි නගරයේ අධික වායු දූෂණයට හේතු වී ඇති බව විශේෂඥයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment