මුල්ලියාවලෙයි නරුමයා දැරිය ගැබිනියක කරලා

496

දාහතර හැවිරිදි පාසල් දැරියක ගැබිනියක් බවට පත්කළ ව්‍යාපාරිකයකු මුල්ලියාවලෙයි පොලිසිය විසින් පෙරේදා (29 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය පාසල අවසන් වීමෙන් පසුව බස්රථය පැමිණෙන තුරු ගිමන් හැර ඇත්තේ මෙම ව්‍යාපාරිකයාගේ වෙළෙඳ සැලකය.

වෙළෙඳසැල් හිමියා දැරියව රවටා ගෙනා ඇය සමග හැසිරී ඇති අතර එහි ප්‍රතිපලයක් වශයෙන් දැරිය ගැබ්ගෙන තිබේ. දැරිය හදිසියේම රෝග ලක්ෂණ කීපයක් පෙන්නුම් කිරීම නිසා ඇගේ මව ඇයව මුලතිව් රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරයා ඇය සිවුමස් ගැබිනියක් බව නිගමනය කොට තිබේ. ඒ අනුව වෛද්‍යවරයා සිද්ධිය ගැන දැරියගෙන් විමසා පොලිසියට පමිණිලි කිරීමෙන් පසුව පොලිසිය සිද්ධියට සම්බන්ධ ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගෙන තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment